Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
කටුනායක හීනටියන වෙඩි තැබීමක්

කටුනායක හීනටියන වෙඩි තැබීමක්

අද අලුයම කටුනායක හීනටියන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.

අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසයි.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ.

ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.

 

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt