


හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිල වාහන සංඛ්‍යාව සහ මාසික ඉන්ධන දීමනාව අඩුකිරීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
එම චක්‍රලේඛයට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු ජනාධිපතිවරුන්ට වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව දෙකකට සීමාකෙරේ.
මෙම තීරණයට අනුව අතිරේක සියලුම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ආපසු ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
තවද, හිටපු ජනාධිපතිවරයකු සඳහා මාසික ඉන්ධන දීමනාව ලීටර් 900කට සීමාකර ඇත.
මීට පෙර, මාසික ඉන්ධන දීමනාව ලීටර් 2,250ක් විය.









ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt

















