Lanka You News
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
මේ ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදාගන්නවා - දිලිත් ජයවීර

මේ ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදාගන්නවා - දිලිත් ජයවීර

වත්මන් ආණ්ඩුව ද බොරුවෙන් ම රට කරගෙන යන බවත් ඊට ආසන්නතම උදාහරණය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් අද දින වන විට හෙළිකරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව බවත් සර්ව ජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා. සර්වජන බලය මූලස්ථානයේ මෙහෙයුම් කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ කිරීමින් ඔහු අද මේ බව සඳහන් කළේය. කුමන කරුණක් සම්බන්ධයෙන් බොරු කීවද ජනතාවට සංවේදී පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් එලෙස දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දවසේ නුවණැස

අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.

 

We must live together as brothers or perish together as fools

 

Martin Luther King Jr.