Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
තීරුබදු සංශෝධනය ගැන සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම්

තීරුබදු සංශෝධනය ගැන සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම්

රටවල් කිහිපයකට පැනවූ තීරුබදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව,ජපානය,යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ඉන්දියාව ඇතුලු රටවල් 15 ක් සමග සාකච්ඡා කිරීමට ට්‍රම්ප් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීනය සමග පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබේ. ඔහු පවසා ඇත්තේ චීන ආනයන මත පනවන බදු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි. මේ අතර එරට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් කළ ප්‍රශ්න කිරීමක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt