Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙකු මරුට

ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙකු මරුට

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබේ. අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ. පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt