
අමෙරිකානු තීරුබද්දෙන් මෙරට ලක්ෂයකට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් - රනිල් වික්‍රමසිංහ
අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.
මෙමගින් ගෙවුම් ශේෂය මත වැඩි බරක් පැටවෙන අතර අපට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙන බවත් ඒ අනුව අපි ණය ගන්නා ප්‍රමාණය වැඩි වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අර්බුදය හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් අඩුවී තිබෙන අතර ආර්ථිකයේ වර්ධන වේගය ද අඩුවිය හැකියි. ඒබැවින් අමෙරිකාව සමග සාකච්ඡා කළ යුතුයි.
මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න රටට දැනුවත් කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.