Lanka You News
පාකිස්තානයට භූකම්පනයක්
හිසතෙල් ගෑමේ නැකැත අද

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට යෙදී තිබේ. අද පෙරවරු 09.04 ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් ය. මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―