
රුපියල් 5,000 බඩු මල්ල රුපියල් 2,500 ට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළ සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් "කාලීන ආහාර පැකේජයක්" රුපියල් 2,500 ක සහන මිලකට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතයි.
ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් එම ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දෙනු ඇති.
කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මතයි මෙය සිදු කෙරෙන්නේ.